Latestදේශීය

ඩයනාගේ පෙත්සම විභාගයට

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය.

මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත් මහත්මින් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම ජුනි මස 8 වනදා විභාගයට ගන්නා බවය.

පෙත්සම්කාර ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය සඳහන් කර සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය පළකළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රි ධුරයෙන් නෙරපීමට කටයුතුකර ඇති බවය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *