Latestදේශීය

දෙපිටකාට්ටුවන් සිටිනවා නම් යන්න

සමගි ජන බලවේගය ආණ්ඩුවට යන්නේ සමගි ජන බලවේග ජනාධිපතිවරයෙක් සමග පමණක් බව විපක්ෂ නායක සජිත් සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එසේ නැතුව දෙපිටකාට්ටුවන් සිටින්නේ නම් දෙපැත්තෙම කකුල් තියාගෙන නොසිට යනවානම් යන්නැයි ද ඔහු කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද මැයි දින රැලිය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.

තම රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම නැවත සාකච්ඡා කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

මෙරට ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ජනතාවාදී ප්‍රතිසංස්කරණ ඇතුලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව ගිවිසුමකට තම රජය සාකච්ඡා ආරම්භ කරන බවද ඔහු එහිදී කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *