Latestදේශීය

දේශීය කුමන්ත්‍රණකරු විමල් වීරවංශ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විදේශීය කුමන්ත්‍රණය පසුපස සිටින්නේ කොළඹ ඇමරිකානු තානාපතිය නම් එහි දේශීය කුමන්ත්‍රණකරුවා විමල් වීරවංශ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

2015ට පෙර විමල් වීරවංශ මහතා විසින් ‘ආර්ථික ඝාතකයා’ යයි කෘතියක් එළිදක්වා එම කුමන්ත්‍රණය සිදු කළ බවත් හෙතෙම කියා සිටියේය.

එම කෘතිය හරහා විදේශිකයන්ට සහ මෙරට විපක්ෂයට කරුණු ලබා දීමට විරවංශ මහතා කටයුතු කළ බවද හෙතෙම චෝදනා කළේය.

අගමැති ධුරය දරමින් සිටි මහින්ද රාජපක්ෂ මහතාට ඉන් ඉවත් වන්නැයි මුලින්ම කිව්වේද පිටත පිරිස් නොව ඇතුලේම සිටින හතුරන් විසින් බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මැයි දින රැළිය අමතමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *