Latestදේශීය

රෝහලෙන් අවසන් වූ මැංගුස් සටන

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය කියයි.

මග්ගෝන සරේ ක්‍රීඩා පිටියේදී පාසල් දෙක අතර 13 වන වතාවට පැවති එක් දින තරගය අවසානයේදී අවසන් පන්දුවාරයේදී කළුතර මහ විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමඟම තරඟ නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ ක්‍රිකට් පොලු හතරක් ගලවා ගැනීමත් සමගම මෙම ගැටුම සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී තරඟය නැරඹීම සඳහා දෙපිරිසේම 4000 පමණ පිරිසක් ක්‍රීඩාංගනයේ සිට ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

හිසට වැදුණු තදබල පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලද කළුතර තිස්ස ජාතික පාසලේ උපනායකයා මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු හිසෙහි විශේෂ ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *