Latestදේශීය

ලංකාව තුළ ආගමික නිදහසට බාධා

ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම පවසයි.

2023 වර්ෂයට අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ, එම මානව හිමිකම් කඩවීම් පිළිබඳව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවදානය යොමුවිය යුතු බවය.

ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, චීනය, නයිජීරියාව, නිකරගුආව යන රටවල ද ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව ආදාළ වාර්තාවේ සඳහන් වේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හින්දු සහ මුස්ලිම්වරුන්ගේ ආගමික නිදහස කඩවී ඇති බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම පවසයි.

ඇතැම් ආගමික නායකයින් සිරගත කිරීමට ද කටයුතු කර ඇති බව ඔවුන් සිය වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *