Latestදේශීය

වෙඩි තැබීමකින් 8ක් රෝහලේ

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ එහි මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ අදාළ මාර්ග සංවර්ධන වැඩබිමේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

අනතුරුව පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ වෙනත් පෞද්ගලික නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *