අදින් ඇරඹෙන වෙසක් සතිය
ජාතික වෙසක් සතිය අද (02) දිනයේ සිට ආරම්භ වේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, අද දිනයේ සිට ලබන 08 වන දින දක්වා ජාතික වෙසක් සතිය ක්රියාත්මක වන බවය.
වෙසක් සතියට සමගාමීව දාන, ශීල, භාවනාවලට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති බව සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.
මෙවර රාජ්ය වෙසක් උත්සවය මැයි මස 4 වනදා හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්රී රතනසිරි පිරිවෙනේ පැවැත්වීමට නියමිතය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

