Latestදේශීය

කැස්බෑ පැටවුන් 3714ක් මුහුදට මුදා හරී

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් තවත් මුහුදු කැස්බෑ පැටවුන් රාශියක් ඔවුන්ගේ ස්වභාවික වාසභූමියට නිදහස් කරන ලදී.

මිරිස්ස සහ හික්කඩුව යන ප්‍රදේශවල ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ කාර්ය මණ්ඩලය විසින් කැස්බෑ බිත්තර 1139ක් ඔවුන්ගේ බිත්තර දැමූ මුල් ස්ථානවල සංරක්ෂණය කර බිත්තරවලින් පැටවුන් බිහි වූ පසු ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වූ මුහුද වෙත මුදා හල බව වෙරළාරක්‍ෂක බලකා මාධ්‍ය පැවසීය.

තවද, වැල්ලවත්ත, ගල්කිස්ස, පානදුර, මිරිස්ස, හික්කඩුව, මොරගල්ල සහ දෙහිවල වෙරළ තීරයෙන් මුහුදු කැස්බෑ පැටවුන් 3714ක් මුහුදට මුදා හැර ඇත.

වෙරළාරක්ෂක කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීම සඳහා කැස්බෑවන්ගේ ස්වාභාවික වාසස්ථානවලම කැස්බෑ බිත්තර සංරක්ෂණය කිරීමට වෙරළාරක්ෂක බලකාය විශාල උත්සාහයක් ගෙන ඇත.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකා මූලාශ්‍රවලට අනුව වෙරළාරක්‍ෂක බලකාය විසින් මෙම වසර තුළ පමණක් කැස්බෑ බිත්තර 46040 ක් සංරක්ෂණය කර ඇති අතර පැටවුන් 26722 ක් මුහුදට මුදා හැර ඇත.

@Defence Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *