Latestදේශීය

රැලිවලට හසුවීම භයානකයි

(යොහාන් භාසුර)

රැළිවලට හසුවෙලා ඡන්ද දෙන විට එහි ප්‍රතිඵලය ජනතාව මතකයේ තබාගත යුතු බවත් දැන් තාවකාලික සතුටක් ලැබෙන්නේ ණය නොගෙවන නිසා බවත් ‘43 වැනි සේනාංකයේ’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

පෝලිම් නැති නිසා, ගෑස් තිබෙන නිසා, පැය 24 විදුලි සැපයුම ලැබෙන නිසා, ඇවුරුදු උත්සව පැවැත්වීම සහ වෙසක් උත්සවයට සූදානම් වීම හේතුවෙන් ජනතාව මේ වන විට තාවකාලික සතුටක් ලබන බව කී ඒ මහතා ඩොලර් නොමැතිව ඇති වූ අර්ථික අර්බුදයට විසඳුමක් ලැබී නොමැති බව ද සඳහන් කළේය.

ඩොලර් නොමැතිව ඉන්ධන, බෙහෙත් ආනයන කරන්නේ ආනයනය කරන භාණ්ඩ 1200 ක් තහනම් කර ඩොලර් ඉතිරි කරගැනීමෙන් බවත් දැන් ණය නොගෙවුවද ඊට පෙර ණය ගෙවූ බවත් පාඨලී චම්පික රණවක මහතා කීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *