Latestදේශීය

ආනයනකරුවකු හෝ නිෂ්පාදකයෙකු නොමැති රූපලාවන්‍ය ආලේපන තොගයක් සොයාගැනේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරක් මත අද දින  පිටකොටුව කදිරේෂන් වීදියෙහි ගබඩාවක සහ වෙළඳසැලක සිදුකරන ලද වැටලීමකදී,

 අලෙවිය සඳහා සූදානම් කරමින් තිබූ ආනයනය කරුවකු හෝ නිෂ්පාදකයකු සඳහන් නොවන

 දේශීය සහ විදේශීයව සකස් කරන ලද රූපලාවන්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක්  සොයාගෙන ඇත.

එහිදී දේශීයව  නිෂ්පාදන කල රූපලාවණ්‍ය ආලේපන හා ද්‍රව්‍ය‍ය විදේශීය නිෂ්පාදන ලෙස පාරිභෝගිකයන් නොමඟ යවමින් ලේබල් අලවා  වෙළෙඳපොළට  නිකුත් කිරීමට සූදානම් කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

එම භාණ්ඩ හා ඇසුරුම් වෙන වෙනම එම ස්ථානයට රැගෙනවිත් ඇසුරුම් කරමින් තිබූ බවත් තවදුරටත් මෙහිදී  නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් පත්‍රය අනුව ,සමෙහි ආලේප කරන සියලුම ක්‍රීම් හා දියර වර්ග වල  රසදිය හා  ඊයම් වැනි බැර ලෝහ තිබිය යුතු අනුමත සීමාව දක්වා  මෙම නිෂ්පාදන පවතී ද යන්න පිළිබඳවත් තවදුරටත් සොයාබැලීම සඳහා රසායනාගාර වාර්ථා ලබාගැනීමට  මෙම භාණ්ඩ සාම්පල යොමු කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතය.

පාරිභෝගිකයකු ලෙස රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ශරීර ආලේපන මිලදී ගැනීමේදී එම භාණ්ඩවල සඳහන් කර ඇති නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ තොරතුරුත් , එහි අඩංගු ද්‍රව්‍ය සම්බන්ධයෙනුත් අවධානය යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ඉල්ලා සිටි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *