ඩිජිටල් ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සකස් කරනවා:අමාත්‍ය මනුෂ නානායක්කාර
දැනට පවතින කම්කරු නීතියේ පවතින ගැටලු ප්‍රශ්න හදුනාගෙන, ඩිජිටල් වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා සියලුම පාර්ශවල අදහස් ලබාගැනීම සදහා පුළුල් වේදිකාවක් සකස් කර ඇති බවත්, ඕනෑම අයෙක්ට මෙම වේදිකාවට පැමිණ අදහස් දැක්විය හැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන මහජන අදහස් විමසීමේ වැඩපිළිවෙල අද (03) දින ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.
මේ රටේ කම්කරු නීතිය වසර ගණනාවක් පරණ, නූතන ලෝකයට නොගැලපෙන නීතියක් බවට බොහෝ දෙනා අදහස් දක්වන්න වුනා. ලෝකයේ ආර්ථිකය වේගයෙන් සංවර්ධනය වෙද්දී, කලාපීය රටවල් වේගයෙන් සංවර්ධන ඉලක්ක කරා ගමන් කරද්දී, අපේ රටේ ආරයෝජනය සදහා සුදුසු වටපිටාවක් සකස් කරද්දී, ව්‍යාපාර කටයුතු කරන විට බලපාන ගැටලු රැසක් තිබෙනවා. අපේ රටේ කම්කරු ප්‍රජාවට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේදී නො යෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. බොහෝ කාලයක් ගත වෙනවා. ඔවුන්ගේ සුබසාධනය සම්බන්ධයෙනුත් වත්මන් කම්කරු නීතිය සම්බන්ධයෙන් නොයෙක් ගැටලු ඇතිවී තිබෙනවා. නූතන ලෝකයට ගැලපෙන ආකාරයට කම්කරු නීතිය වෙනස් කිරීමට, 2048 දී මේ රට දියුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගැනීමේදී කම්කරු ක්ෂේත්‍රෙය්ත් වෙනස් කම් කළ යුතු වෙනවා.
ඩිජිටල් ලෝකයට යද්දී, අලුත් ශිෂ්ඨාචාරයට යද්දී ඒකට ගැලපෙන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ නිසා පවතින කම්කරු නීතිය වෙනුවට අලුත් කම්කරු නීතියක් ගෙන ඒමට කටයුතු කරන්නේ. මේක තියෙන නීතිය සංශෝධනය කිරීමක්වත්, තියෙන කම්කරු නීතියේ කොටස් එකට එකතු කරලා හැදීමක් නෙමෙයි. රටක් විදියට, කර්මාන්ත විදියට, ආයෝජකයින් විදියට රැකියා අයිතිවාසිකම් සුරක්ෂා කරන්නේ කොහොමද, සේවකයින්ගේ රැකියා කිරීමේ හැකියාවන් වර්ධනය කිරීම ගැනත් අවධානය යොමු කරමින් මේවා ගෙන ආ යුතුයි.
කම්කරු ඇමැතිවරයා ලෙස මම පත්වෙද්දී, කම්කරු ක්ෂේත්රයට ගහලයෙක් ඇවිත් තියෙනවා, කම්කරු ඝාතකයෙක් ඇවිත් කියලා කිව්වා. සාම්ප්‍රදායික, මැයි දිනයට පාව්චි කරන, අනික් දවසට අමතක කරන, හැමදාම දුගී බවේ ඉන්න කම්කරුවා වෙනස් කරනවා. ඩිජිටල් ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක්, ඩිජිටල් ලෝකයට ගැලපෙන වැඩකරුවෙක් නිර්මාණය කිරීමට තමයි අපි වැඩ කරන්නේ. හැමදාමත් දේශපාලනික අවශ්‍යතාවයන්ට පාවිච්චි කරන්න තියාගත්ත කම්කරුවා, මැයි දිනයේදී කතා කරලා අමතක කරන ක්‍රමය අපි වෙනස් කරනවා. අපේ ශ්‍රමිකයා තවදුරටත් දේශපාලන අතකොලුවක් බවට පත් කරගැනීමට ඉඩ නොදී ගෞරවනීය ශ්‍රමිකයෙක් බවට පත් කිරීමට, වෘත්තීයේ ගරුත්වය ලබාදීමට, වැඩපොලේ ආරක්ෂාව ලබාදීමට, කාන්තාවන්ට වැඩ කිරීමේ අයිතිය ලබාදීමට, කාන්තාවන්ට, ආබාධිත අයට, විවිධ ලිංගික ක්ෂේත්රය නියෝජනය කරන අයට අවකාශය ලබාදීමට ඇතුලත් කරගත්, ලෝක කම්කරු සංවිධානය පිළිගන්න අලුත් වැඩපිළිවෙලක්, අලුත් නීතියක් අපි හදනවා.
අපිට මොන චෝදනා ආවත් ඉන්ෆල්ක්ස් වැඩසටහන යටතේ නීතිය අලුත් කිරීමට අදහස් යෝජනා පුළුල්ව ලබාගැනීම තමයි අපි ආරම්භ කළේ. සාමාන්‍යෙයන් මේ වගේ දෙයක් පටන්ගන්නා විට, වෘත්තීය සමිතිවලින් විතරක් අහලා කළාම හරි කියලා හිතනවා. ලංකාවේ වෘත්තීය සමිති නියෝජනය කරන වගේම වෘත්තීය සමිති නියෝජනය නොකරන පිරිස අතරේ ලොකු වෙනසක් තිබෙනවා. මේ රටේ ඕනෑම වෘත්තියක් කරන, වෘත්තීය සමිතියකට සම්බන්ධ, සම්බන්ධ නොවන, කාන්තාවන්ට, විවිධ පාර්ශවවලට, අයිතීන් ගැන කතා කිරීමට ඉදිරිපත් නොවන අයට පවා තමන්ගේ අයිතීන් ගැන වේදිකාවක් තමයි අපි හදන්නේ. ඉන්ෆ්ල්ක්ස් වේදිකාවට ඕනෑම අයෙටක්ට ඇවිත් අදහස් දක්වන්න පුලුවන්. කම්කරු අමාත්‍යාංශයට ඊමෙල්, දුරකතන ඇමතුමක් දෙන්න. ඒ යෝජනා සැලකිල්ලට අරගෙන ක්මකරු නීති වෙනස් කිරීම සදහා වන කෙටුම්පතක් හදලා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා, නීති කෙටුම්පත් අංශයට, පාර්ලිමේන්තුවට, අධිකරණයට ගිහින් රටේ සියලු ජනතාවගේ එකගතාවයෙන් නූතන ලෝකයට ගැලපෙන කම්කරු නීතියක් සකස් කිරීම සදහා මේ වැඩපිළිවෙල ආරම්භ කරනවා.