ඩෙංගු වැඩි වීම සහ එහි ඇතුලාන්තය
ඩෙංගු මර්ධනය සදහා නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් නොමති වීම සහ මර්ධනය සදහා තීන්දු තීරණ ගැනීමේදී හිතුවක්කාරී ලෙස තීන්දු තීරණ ගැනීම ,ඒ සදහා ප්‍රායෝගික තලයේ වැඩ කරන නිළධාරීන් සහභාගි කරවා නොගැනීම මෙලෙස වසරින් වසර මෙම රෝගය මෙසේ වර්ධනය වීමට ප්‍රධානම හේතුව බව සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක
පවසනවා.
“මේ වන විට රට තුල ඩෙංගු අධි වසංගත තත්වයක් රට තුල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරල තියනව.මේ වන විට ඩෙංගු රෝගීන් 29000 ක් පමණ වාර්තා වෙලා තියනව.පසුගිය වසර පුරාවටම වාර්තා වී තිබුනේ ඩෙංගු රෝගීන් 76689.ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිකුත් කර ඇති දත්තයන් අනුව පසුගිය වසෙරේ ඩෙංගු මරණ 72 ක් වාර්තා වී ඇති අතර මේ වන විට මේ වසරේ මරණ 15 ක් වාර්තා වනවා.මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් වැඩි වසයෙන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්.එය 49% ආසන්න අගයක්.මීට අමතරව දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 55 ක් අධි අවදානම කලාප ලෙස නම්කර තිබෙනවා.ඒ දිස්ත්‍රික්ක අතරට කොළඹ ගම්පහ කලුතර මහනුවර ගාල්ල මාතර හම්බන්තොට යාපනය මඩකලපුව කුරුණෑගල ත්‍රිකුණාමලය පුත්තලම කෑගල්ල මාතලේ රත්නපුර අයත්වේ.මේ වනවිට සතියකට රෝගීන් 2000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා.එය ලංකාවේ රෝහල් පද්ධතියට දරාගත නොහැකි තත්වයක් බවට පත් විය හැකිය .”
ඉදිරියේදී ඇතිවන මෝසම් වර්ෂාපතනය සමග මදුරුවන් බෝ වියහැකි ස්තාන සක්‍රීය වී මදුරු ඝනත්වය ඉහල යා හැකිය එය එසේ සිදු උවහොත් ඩෙංගු රෝගීන් දෙගුණයක් පමණ වැඩි විය හැකිය. ඩෙංගු බෝ කරන මදුරු විශේෂ දෙකක් ශ්‍රීලංකාවේ සිටිනවා. ඒ aedes aegypti සහ Aedes alnbopictus යන මදුරුවන්. මෙම මදුරුවන්ගෙන් නාගරික වශයෙන් ඩෙංගු රෝගය බෝ කරන වාහකයා වන්නේ Aedes aegypti යන විශේෂයි. ඔවුන් තමයි ප්‍රධානම වාහකයා වන්නේද. මෙම මදුරු විශේෂ දෙකම දිවා කාලයේදී තමයි මිනිසුන්ගේ රුධිරය උරා බීම සිදු කරන්නේ. ඔවුන් පිරිසිදු ජලය සහිත බදුන් වල තමයි බෝවීම සිදු කරන්නේ. ඉවත ලන ද්‍රව්‍ය, තාවකාලික ඉවත් කර ඇති භාජන, විසිතුරු මල් බදුන්, ජල ටැංකි බැරල් ,වැහි පීලි ,ටයර්,කොන්ක්‍රීට් ස්ලැබ්,භාවිතා නොකරන වැසිකිළි කටවල්, ශීතකරණ තැටිය, සින්ක් වල වතුර කාන්දු වීම් වලට තබා ඇති භාජන ආදියේ බෝ වීම සිදුවේ. ප්‍රධාන වාහකයා වන Aedes aegypti යන මදුරුවා නිවෙස් තුල ගොඩනැගිලි තුල ආදී ඇතුලත ප්‍රදේශවල ලේ උරා බීමට සහ විවේක ගැනීම්ට රුචිකත්වයක් දක්වයි.
දැනට වැලදී ඇති ඩෙංගු රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් පාසල් යන වයසේ ළමුන් සහ ශ්‍රම බලකාය බවත් දිස්නක දිසානායක පවසනවා. උපකාරක පංති ,රාජ්‍ය ආයතන,කර්මාන්තශාලා ,වැඩබිම් අශ්‍රිතව මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීමට අවධානය යොමු කල යුතු බවයි දිසානායක මහතා අවධාරණය කරන්නේ.
මීට අමතරව කීට විද්‍යා සමීක්ෂණ දත්ත නිසි අකාරයට භාවිතා නොකිරීම, එම සමීක්ෂණ සදහා අවශ්‍ය පහසුකම් ලබා නොදීම, ඒවා සදහා නිවැරදි වැඩපිළිවෙළක් සකස් නොකිරීම සහ එම නිළධාරීන් සදහා අවශ්‍ය කරන වැඩිදුර පුහුණු පහසුකම් ලබා නොදීම ද ඩෙංගු උවදුර වර්ධනයට බලපා ඇත. එම නිළධාරීන් හට ලැබෙන විදෙස් පුහුණු පවා අදාල නොවන කණ්ඩායම් සහභාගී කරවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. එම නිසා මෙවනි ඛේදජනක ඉරණමක් අත් වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සෘජුව වග කිය යුතු බව දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.