Latestදේශීය

ගොවීන් කැමති පරිදි පොහාර මිළදී ගැනීමට අවස්ථාව

2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින තීරණය කර තිබේ.

මේ වනවිට ඇතැම් ගොවීන් රජයෙන් ලැබෙන සහනාධාර නොලැබී යනු ඇති බවට  උපකල්පනය කරමින්   රාජ්‍ය අංශයෙන්ම  ම යූරියා  සහ බණ්ඩි පොහොර ලබා ගත යුතු යැයි සිතා කටයුතු කරනබව එම අමාත්‍යංශය හඳුනාගෙන ඇත.නමුත් පොහොර මිලදී ගැනීමේ දී ගොවිජනතාවගේ පහසුව උදෙසා ඔවුන්ගේ අභිමතය පරිදි පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දේ.දැනට පුද්ගලික අංශය අලෙවි කරන යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 9000 දක්වා අවම වී ඇත.

කෙසේ වෙතත් රජය  පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන සහනාධාර මුදල් තීරණය කළ පරිදිම, සියලුම ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා තිබේ. ගොවීන් රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගත්තද , එය සහනාධාර ලබා ගැනීමට බාධාවක් නොවන බවත් එම  සහනාධාර යථා පරිදි ගොවිජනතාවට ලබාදීමට කටයුතු යොදා ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දේ.

ඒ අනුව ගොවීන්ට හෙක්ටයාර් 01කට රු.20,000ක් හා හෙක්ටයාර් 02කට රු.40,000ක් වශයෙන් පොහොර මිලදී ගැනීමට සහනාධාර මුදලක් ලබා දීමට එම අමාත්‍යංශය  කටයුතු යොදා ඇත. එමනිසා මෙවර යල කන්නයේ යූරියා පොහොර මිලදී ගැනීම ගොවි අභිමතය පරිදි සිදු කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *