වෙසක් පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැදවියන් හට අමුත්තන් පෙන්වයි.
(දිනිතා රත්නායක)
2023 මැයි මස 05 වන දිනට යෙදී ඇති ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් සඳහා අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් 2023.05.05 හා 06 යන දින බන්ධනාගාර දෙපාර්තමේතුව විසින් ලබා දී ඇත.
ඒ අනුව, සිරකරුවන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එනු ලබන ආහාර පාර්සලයක් හා රසකැවිලි එක් අයෙකුට ප්‍රමානවත් වන පරිදි ලබා දීමටත්, බන්ධනාගාර නිතී රීති වලට අනුකූලව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන පහසුකම් සලසා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

