පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා
(දිනිතා රත්නායක)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් අද දින නාරම්මල බිහාල්පොල බන්දුල නම් ආයතනයේ බිත්තර තොග සඟවා තබා ඇතිද යන්න පිලිබද පරීක්ෂා කිරීමට යාමේදී රාජකාරියට බාධා කරමින් ආයුධ ඇතැතිව පැමිණ පිරිසක් නිලධාරීන් ට බරපතල ලෙස ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා .
මේ සම්බන්ධව නාරම්මල පොලිසියේ මේ වනවිට පැමිණිල්ලක් සිදුකර ඇති අතර අදාල නිලධාරීන් රෝහල් ගත කිරීමට යොමු කර ඇත.
මෙම ආයතනය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දිගින් දිගටම පැමිණිලි ලැබී තිබූ අතර ඒ සම්බන්ධව උපාය දූතයෙක් මගින් තහවුරු කර ගැනීමක්ද සිදු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

