ආර්ථික අර්බුද හමුවේ ඉන්දියාවට පලායන ලාංකිකයෝ
තවත් ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සරණාගතයින් ලෙස ඊයේ (06) අලුයම මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත ගොස් තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ළමුන් තිදෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු අදාළ පිරිස අතර සිටින බවය. ඔවුන් මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක් බවද මේ වනවිට අනාවරණය වී ඇත.
පවතින ආර්ථික අර්බුද හමුවේ තමන් මෙලෙස ඉන්දියාවට පැමිණි බව අදාළ පුද්ගලයින් සඳහන් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම සරණාගතයින් පිරිසද මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙනයාමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 254කට වැඩි සංඛ්‍යාවක් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

