කොරෝනා හදිසි තත්ත්වයක් නැහැ
කොවිඩ් – 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් ලෙස නොසලකන බවත් කොවිඩ් – 19 ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
කොවිඩ් – 19 ආසාධිතයින් රෝහල් ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.
එමෙන්ම ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවටද නිරීක්ෂණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

