ගොවීන් 95%ක් පොහොර මිළදී ගෙන නැහැ
පසුගිය මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට ලබා දුන් මුදල්වලින් පොහොර මිල දී ගැනීමට කටයුතු කර තිබෙන්නේ ගොවීන්ගෙන්සියයට 05ක් පමණක් බව හෙළි වී තිබේ.
2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 08ක මුදලක් රජයට ලබා දුන් අතර එම මුදල්ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගේ ගිණුම්වලටම මුදල් බැර කිරීමට කටයුතු කර ඇත.
හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් බැගින් හා හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ලබා දුන් එම මුදල්වලින් බන්ඩි පොහොරමිල දී ගැනීම සඳහා කටයුතු කර තිබෙන්නේ ගොවීන් සියයට 05ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදාපැවති සාකච්ඡාවක දී අනාවරණය වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කළ ද ගොවීන් ඉන් මිල දී ගෙන තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 05ක්පමණක් බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරුන් මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත.
@Media Unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

