Latestක්‍රීඩාදේශීය

මතීෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකළ යුතුයි

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටික කලක් යනතුරු ටෙස්ට් ක්‍රිකට් තරඟ ක්‍රීඩා නොකළ යුතු යයි තමන් පෞද්ගලිකව සිතන බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි කණ්ඩායමට නායකත්වය දෙන මහේන්ද්‍ර සිං දෝනි සඳහන් කරයි.

මතීෂ පතිරණ එක්දින තරඟ ද අඩුවෙන් ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟාවලි සඳහා සූදානමින් සිටිය යුතු යැයි තමන් සිතන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී මතීෂ පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වනු ඇති බවද හෙතෙම පැවසීය.

චෙන්නයි කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැති තරගය ජය ගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තරඟයේ මුලින් පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තේය. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අවශ්‍ය ලකුණු ප්‍රමාණය 18 වන පන්දුවාර දී ලබා ගත්තේය.

මතීෂ පතිරණ නියමිත පන්දුවාර 4කදී ලකුණු 15 ක් කඩුළු 03ක් දවා ගත් අතර තරගයේ වීරයා වූයේද ඔහුයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *