Latestදේශීය

හෙට (08) කොළඹ ජල කප්පාදුව

හෙට (08) පෙ.ව.10.00 සිට එදින රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ,

කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය,  ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, අතුල්කොට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූම අතරු මාර්ග.

එම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් අවශ්‍ය පරිදි ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය එම ප්‍රදේශවාසීන්ගේ ඉල්ලා සිටී.

අමතර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා 1939 ක්ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබාගත හැකිය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *