අවුරුදු 5ක් බලපත්‍ර ලබානොගත් වාහන වලට වෙන දේ මේකයි
වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බව ද ඒ මහතා කියා සිටියේය.
ඒ අනුව වසර 5කට වඩා එක දිගට ආදායම් බලපත්‍ර ලබානොගෙන සිටින වාහන සොයා දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත්කරන බව ද නිශාන්ත අනුරුද්ධ මහතා පැවසීය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

