ජනගහනයෙන් 50%ක් ආර්ථික අර්බුදයක
මෙරට ජනගහනයෙන් 52% ක තරම් ප්‍රමාණයක් ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බව අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී ඇත.
නිවසේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට මෙරට ජනගහනයෙන් සිට 22.7% කට නොහැකි වී ඇති අතර තවත් 17%ක් ප්‍රමාණයකට ජීවන වියදම හා ඒ ආශ්‍රිත ගැටලු බලපා ඇත.
ජනගහනයෙන් 13%ක තරම් ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙන බව ද හෙළිවී තිබේ.
මෙම සමීක්‍ෂණය සිදුකර ඇත්තේ යුරෝපා සංගමය, ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජර්මානු තාක්ෂණික සහයෝගිතා ආයතනය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධවයි.
මෙම සමීක්‍ෂණ වාර්තාව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති උත්සවයකදී එළි දක්වා ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

