Latestදේශීය

ඩෙංගු වැළදුණු දරුවන් 40ක් පමණ රිජ්වේ ආර්යා රෝහලේ

ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ මේ වන විට අනතුරු අඟවා තිබේ.

මේ වසර ආරම්භයේ සිට පසුගිය 09 වැනිදා දක්වා මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 31,993කි.

ඩෙංගු රෝගයේ වැඩිම ව්‍යාප්තියක් ඇති පළාත ලෙස බස්නාහිර පළාත හඳුනාගෙන ඇති අතර ඊයේ (10) දිනය වන විට බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබු සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,746කි.

මේ අතර  විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ ඩෙංගු වැළඳුනු දරුවන් 40ක් මේවනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි ප්‍රතිකාර ලබන බවයි.

ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අක්මාවට හානිවීම වැළැක්වීම සඳහා මව්පියන් වගකීමෙන් ක්‍රියා කළයුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.ඩෙංගු රෝගය වැලඳී සුවය ලැබු දරුවන්, කඩිනමින් යළි වෙහෙසකර කාර්යන්ට යෙදවීම තුළින් අක්මාවට සිදුවන හානිය දරුණු විය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.

ඩෙංගු සුව වී ගෙන එනකොට සතියක් දෙකක් යනකල් දරුවාව වැඩිපුර මහන්සි කරවන්න එපා. අක්මාව ඩැමේජ් වුණොත් මොළයට බලපාන්න පුළුවන්. ඒ නිසා ඩෙංගු කියන එක ලේසියට ගන්න එපා. ඩෙංගු හැදුණොත් එකේ සංකූලතා එන්න පුළුවන්.”

ළමා රෝහලේ අද වෙනවිට ඩෙංගු රෝගීන් 40ක් පමණ සිටිනවා. ඒ නිසා කල්පනාකාරී වෙන්න. අපේ දරුවන්ව විශේෂයෙන්ම බේරගන්න. රෝග ලක්ෂණ තියෙනවා නම්, දවස් දෙක තුනකට වැඩිය උණ තියෙනවා නම් රුධිර පරීක්ෂණයක් කරගන්න. එතැනදි සුදු රුධිරාණු හා පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් රුධිර පට්ටිකා 150ට වගේ අඩුවෙලා තියෙනවා නම් රෝහලක් වෙත යන්න.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *