නයිජීරියාවේ නව ජනාධිපතිවරයා යුරෝපයේ සංචාරයක
නයිජීරියානු ජනාධිපති ලෙස තේරී පත් වූ Bola Tinubu යුරෝපයට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර සිටී.
Bola Tinubu ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇත්තේ මැයි 29 වනදා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මාර්තු මාසයේදී ජනාධිපති ලෙස තේරී පත් වූ පසු Bola Tinubu රටින් පිටව යන දෙවන අවස්ථාව මෙය වන අතර ප්‍රංශයේ සති හතරක නිවාඩුවක් ගත කිරීමෙන් පසු අප්‍රේල් 24දා ඔහු නැවත නයිජීරියාවට පැමිණ තිබුණා
සංචාරය අතරතුරදී ආයෝජකයින් සහ අනෙකුත් ප්‍රධානීන් සමග ද සාකච්ඡා පවත්වනු ඇති බවත් Bola Tinubuගේ නායකත්වය යටතේ ව්‍යාපාර කිරීමට නයිජීරියාවේ ඇති සූදානම ගැනත් ඔවුන්ට ඒත්තු ගැන්වීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

