Latestදේශීය

කම්කරු නීති සංශෝධනයට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පූර්ණ සහාය

රටේ අනාගතය වෙනුවෙන්, සරල, ශක්තිමත්, යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් ගෙන ඒම සඳහා පූර්ණ සහාය ලබා දීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය එකගතාවය පලකර සිටී.

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස්කිරීම සඳහා අවශ්‍ය පූර්ණ නීතිමය සහාය ලබාදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බව, කම්කරු නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයකට එක්වෙමින් , නීතීඥ සංගමයයේ කම්කරු නීති සම්බන්ධ උපදේශක නීතීඥ කනිශ්ක වීරසිංහ මහතා සදහන් කරයි.

කම්කරු නීතිය කඩිනමින් වෙනස් විය යුතු බවත්,එය රටේ සංවර්ධනයට හා ආර්ථිකයට ඍජුව බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේ ය. යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් මගින් තිරසර ව්‍යවසායකත්වයන්ට සහාය ලබාදෙන පරිසරයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන බවත්, කම්කරුවන්ගේ සුබසාධනය සහ වඩා හොද ජීවන තත්වයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු සදහන් කළේය.

කාන්තා ශ්‍රම සහභාගීත්වය,තරුණ ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂ අවදාණයක් යොමුකර නව කම්කරු නීතිය වෙනස්විය යුතු බව ඔහු පැවසුවේ ය. සේවය අවසන් කිරීමේ පනත වැනි යල් පැන ගිය නීති වෙනස් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයිද නීතීඥ කණිෂ්ක වීරසිංහ සදහන් කළේය.

මෙම අවස්ථාවට එක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර සිටියේ ශ්‍රමිකයාගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ශ්‍රමිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් පැරණි වැඩවසම් ශ්‍රමිකයා වෙනුවට නූතන අනාගතවාදී ශ්‍රමිකයෙකු බිහි කිරීමට අවශ්‍ය සියළු නීති හා අණපනත් හඳුන්වා දීමට සූදානම් බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *