Latestදේශීය

විදුලිය මිලදී ගැනීමේ නව මිල සුත්‍රය පිළිබඳව දැනුවත් කෙරේ

ඉදිරි විදුලිබල ජනන සැලසුම තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආයෝජනයන් දිරිමත්කිරීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පසුගිය සතියේ හඳුන්වාදුන් විදුලිය මිලදී ගැනීමේ නව මිල සුත්‍රය පිළිබඳව අදාළ පාර්ශව දැනුවත් කිරීම ( ඊයේ 10) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රය විදේශ විනිමය අනුපාතය, බැංකු පොළිය, උද්ධමනය, ආනයනය වියදම් ඇතුළු පරිමිතීන් උපයෝගී කර ගනු ඇත.

එම අවස්ථාව වෙනුවෙන් මෙරට සියලුම පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ සංවිධානවල නියෝජිතයන්, විදුලිබල මණ්ඩලය, විදුලි පුද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති පාර්ශවකරුවන් සහභාගී විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *