කොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
අද (12) සිට සති දෙකක කාලයක් පුරා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා.කොළඹ මහ නගර සභාව මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සඳහන්.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි සඳහන් කළේ මැයි මස 26 වනදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

