දේශීය

නිල්වලා ගඟ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

අධික වැසි තත්ත්වය නිසාවෙන් නිල්වලා ගඟ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය,මාලිම්බඩ, තිහගොඩ, මාතර හා දෙවිනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

ඒ අනුව මේ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපදා කළමණාකරණ අංශවලින් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *