Latestදේශීය

ආන්ඩුවේ මිලිටරි සංදර්ශනය

පසුගිය සති අන්තයේ කොළඹ ප්‍රධාන මාර්ගවලට ත්‍රිවිධ හමුදා සහ පොලිසිය සන්නද්ධ රථ ආණ්ඩුව ක්‍රියා කිරීම හේතුවෙන් එල්ල වූ දැවැන්ත විරෝධය හමුවේ පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරමින් සිටිති.

පොලිසිය මෙයට පෙර නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිගේ නියෝග මත මෙය සිදු කළ බව ය. මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශ කර තිබෙන්නේ ආරක්ෂක අංශවලට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම ක්‍රියාමාර්ගය ගත් බව ය.

මේ අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රි ගේඩියර් රවී හේරත් කොළඹ නගරය ආශ්‍රිතව හදිසි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන පෙරහුරුවක් ත්‍රිවිධ හමුදාව යොදවා සිදු කළ බව “අද“ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩි දුරටත් “ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පෙරපුරුවට පමණක් සම්බන්ධ වී සිටි බවත් එසේ නොමැතිව කිසිදු රාජකාරීමය කටයුත්තක් සිදු නොකරන බවත් ප්‍රකාශ කර ඇත.

රනිල් වික්‍රමසිංහගේ නියෝග මත මෙලෙස ආරක්ෂක අංශ යෙදවීමෙන් පසුව බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනතාව බිය වද්දමින් නිවාසවලට පවා කඩා වැදී නීති විරෝධී බලහත්කාරකම් සිදු කළේය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *