Latestදේශීය

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමට උපදෙස්

පවතින අයහපත් කාලගුණය හමුවේ ගාල්ල,මාතර,රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින්  මුදාගැනීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඊයේ (14) ආරක්ෂක අංශවලට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.

ත්‍රිවිධ හමුදාව,පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම කටයුතු සිදු කරනු ලැබේ. දැනට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත් ,විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත්,නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් මෙහිදී උපදෙස් ලබා දී තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *