Latestදේශීයමතවාද

ආණ්ඩුකාරයන් බලවත්වීම

(අතුලසිරි සමරකෝන්)

පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීම හේතු කොටගෙන පළාත් සභාවල පාලනය දිගින් දිගටම ජනාධිපතිවරයා යටතට පත්විය. ජනාධිපති ආණ්ඩුකාරවරු හරහා තම බලය ක්රියාත්මක කරයි. ආණ්ඩුකාර ධුරය එක අතකින් නාමික විධායකයකි. පලාත් පාලන කටයුතු ද මැතිවරණ කල්යාම නිසා මේ අතර ආණ්ඩුකාරවරුන්ටම පැවරී ඇත. ආණ්ඩුකාරවරු හරහා පළාතක සමස්ථ දේශපාලන පරිපාලනය මේ අනුව වර්තමානයේ සිද්ධවෙයි. ⁣

මේ අතර ගෝඨාභය ජනාධිපති විසින් සිදු කළ ආණ්ඩුකාර පත්කිරීම් වත්මන් ජනාධිපතිවරයාට ආපසු හැරවීමට අවශ්‍යය වී ඇත. ඒ තමාට හිතවත් තම පක්ෂයේ පිරිසක් ඔවුන් වෙනුවට පත්කර ගැනීමටයි. මේ ක්රියාව සම්බන්ධව දැනට පවතින ප්රතිචාරය වන්නේ කිසිදු ආණ්ඩුකාරයකු තවම ඉල්ලා අස්නොවීමයි. ජනාධිපති ඉල්ලා සිටියදීත් ඔහුගේ අණට කීකරු නොවීමයි. එය මෙරට දේශපාලන ඉතිහාසය තුළ විශේෂ තත්වයකි.

එකළ පළාත් සභා ආරම්භ කළ අවධියේ උතුරු පළාත් සභාව විසුරුවා හැරියා අපට මතකය. වර්ධරාජා පෙරුමාල්ට ඉන්දියාවට පළායාමට සිදුවිය. ඒ සිදුවීම හා මේ සිදුවීම අතර සමීපතාවයක් නොපැවතියත් ජනාධිපති වරයාගේ විධායක බලයේ පවතින තීව්රතාවය එකළ කැපී පෙණින. පළාත් සභා ඕනෑම මොහොතක නැවත ආණ්ඩුව යටතට ගැනීම⁣ට අවශ්‍යය ප්රතිපාදන පවතී.

නමුත් දැන් ගැටලුව වන්නේ ආණ්ඩුව යටතේ පවතින පළාත් සභාවක ආණ්ඩුකාර තණතුරට වෙනත් අයෙකු පත්කර ගැනීමට ජනාධිපතිට ඉඩ නොලැබීමයි. එයට ප්රධාන හේතුව පත්කළ ජනාධිපතිට තම බලය ක්රියාත්මක කරගැනීමට ඔහු පත්කළ පිරිස සමහරවිටදී ඉඩ නොදීමයි. මෙය ඉතා යහපත් තත්වයකි. එය ඇත්තටම විධායක ජනාධිපති යනු නාමික ජනාධිපති වරයෙකු බවට පත්වන අවස්ථාවකි.

ඇත්තටම මේ මොහොතේ මහින්ද අගමැති වුවහොත් ජනාධිපතිවරයා තවදුරටත් අසරණ වනු ඇත. මෙම තත්වය දේශපාලනික බලය විදහාපාන තත්වයකි. ජනතාවගේ අනුමැතිය ස්රිජුව ලබානොගත් හෙයින් වත්මන් ජනපති යම්යම් සීමාවලට යටත්වනු පෙනෙයි. ඒවා පොහොටිටුවට වාසිවන දේ ලෙස පෙනුනත් ඒ හරහා අනාගතයේ ජනාධිපති ධූරයේ බලය සීමාකිරීම පිළිබද මොඩලයක් සාදා ගැනීමට අවශ්‍යය ඉතා වටිනා පාඩම් ලැබෙයි. ජනාධිපති ජනතා ඡන්දයකින් පත් නොකොට පාර්ලිමේන්තුව හරහා පත්කොට පාර්ලිමේන්තුවේ බලයට ඔහුගේ බලය යටත් කරන අනාගත ව්‍යවස්ථාවක් අවශ්‍යය බව මගේ දැනට මතයයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *