Latestදේශීය

පවුල් ලක්ෂ 14ක් අන්ත අසරණයි

කාන්තාවක් ගෘහ මූලිකයා වී සිටින පවුල් 1,436,000ක් ඇති අතර එයින් පවුල් ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයක් අන්ත දුක්ඛිත බවේ ගිලී ඇති බව අනාවරණය වේ.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් නිකුත් කළ වාර්තාවකින් මෙම තොරතුරු හෙළිකර ඇත. ලංකාවේ මුලු පවුල් සංඛ්‍යාව 5,737,631ක් සිටින අතර එයින් 25.2%ක් වූ පවුල්වල ගෘහ මූලිකයන් වී සිටින්නේ කාන්තාවන් බව එම වාර්තාවෙන් හෙළිකර තිබේ.

එම වාර්තාව උපුටා ගනිමින් “අද“ පුවත්පත විශේෂ ලිපියක් පළ කර තිබේ. එයින් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ ගෘහ මූලික කාන්තාවන් සිටින පවුල්වල අවම වයස අවුරුදු 15 අයද සිටින බව ය. එම අවම වයස් සීමාවේ සිට මහළු විය දක්වා ම වයස් පරතරවලට අයත් කාන්තාවන් මේ අතර වේ.

සැමියා මියයාමෙන් වැන්ඳඹු වීම, වෙනත් විවිධ හේතු නිසා සැමියා අහිමිවීම හෝ අතුරුදහන්වීම ආබාධිත තත්වයට පත්වීම ආදී හේතු මේ සඳහා බලපා තිබේ. මේ අතරින් වැඩිම පවුල් ප්‍රමාණයක් සිටින්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *