සිසුවියගේ මරණයේ සැකකරුවන් අද (15) අධිකරණයට
කළුතර හෝටලයක ඉහළ මහලකින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනා අද (15) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බව වාර්තා වේ.
මෙලෙස අධිකරණයට ගෙන ආ සැකකරුවන් වන්නේ, මියගිය සිසුවිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස සිටි පුද්ගලයායි.සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගිය දැරියගේ මව ඇතුළු 100 කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙලගැසී නිහඬ විරෝධතාවක නියැලී සිටි අතර ගාලුපාරේ මීටර් 50ක පමණ දුරකට පෙලගැසී සිටී විරෝධතාකරුවන් මියගිය දැරියට “සාධාරණය ඉටුකරනු”, “පොලීසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු”, “ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු” යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව නිහඬ විරෝධතාව විනාඩි 30ක් පමණ සිදුකර විසිර ගියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

