Latestදේශීය

දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් වෙයි

වසර 120ක් පමණ පැරණි දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුම ගීතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිම වී තිබේ.රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන්,    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  මෙම යෝජනවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මෙම ගීතය, 1903 වර්ෂයේ දී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කර ,විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කර තිබේ.   මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මෙම ගීතය මෙරට පමණක් නොව ජාත්‍යන්තරවත් ඇගයීමට පත් වූ සංස්කෘතික ගීතයක් බවයි.

 ඉතිහාසයේ ජාතික ගීතයට සමානව මෙම ගීතය ගෞරවට පාත්‍රා වී තිබෙනවා. උත්සව අවස්ථා වල මෙම ගීතය ගායනා කරන විට ජාතික ගීතය හා සමානව නැගී සිටිනවා. සිරිසඟබෝ නාට්‍යයේ ඇතුළත් මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *