යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කෙරේ
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.
මෙම තීරණය ගෙන ඇත්තේ යල කන්නයේ පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් පොහොර සමාගම් දෙක මෙන්ම පෞද්ගලික අංශය සතුව පැවති යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගනිමින් බව සඳහන්.
ඒ අනුව ලංකා පොහොර සමාගම මඟින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

