Latestදේශීය

අමරපුර මහා නිකායේ නාහිමියෝ අපවත් වෙති

 අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් විය.

අපවත් වන විට  84 හැවිරිදි වියේ පසුවූ උන්ව්හන්සේ කලක් රෝගාතුරව සිටි අතර අද (16) දහවල් කොළඹ පෞද්ගලික රෝහලක දී අපවත් වු බව ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව සඳහන් කරනවා.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ එම පදවිය සඳහා 2021 ජූලි මස 20 වනදා අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක ධුරයට පත්විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *