වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ විරෝධී සහ පාගමනට පොලිසිය අද (16) පස්වරුවේ කොළඹ 7 හෝර්ටන් පෙදෙසේදී ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
“නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය වනසන lyceum, NSBM, Gateway වෙද උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු !” යනුවෙන් සඳහන් බැනර් සහ විවිධ සටන් පාඨ ප්‍රධර්ශනය කරමින් මෙම විරෝධතාවය පැවැත්විණි.
මෙම පා ගමනයට යාපනය ඇතුළු සියලුම වෛද්‍ය පීඨ නියෝජනය කරමින් සිසුන් සහභාගි වී සිටි අතර එම පා ගමන වැලැක්වීමට පොලිස් කණ්ඩායම්, කැරලි මර්දන කණ්ඩායම්, යුද හමුදා, කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් යොදව තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

