ජෙරම් රටින් පිටවෙයි
දිවැසිවරයෙක් බව කියන ජෙරොම් ප්රනාන්දු නැමැත්තා අද උදෑසන රටින් පිටව ගොස් ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි.
ඔහු විසින් සිදුකරන ලද දේශනයක දී බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම් වලට අපහාස සිදු කළේ යයි මේ වන විට රහස් පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් සිදු කරමින් පවතී.
ජෙරම් ප්රනාන්දු සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ අද අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු වෙනත් ගමනාන්තයක් වෙත පිටත්ව යාමට නියමිත බවද වාර්තාවේ සඳහන්ය.
ඔහු මෙසේ රටින් පිටව ගොස් ඇත්තේ ඊයේ දිනයේ රහස් පොලිසිය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් අධිකරණයෙන් ලබා ගැනීමට පෙරාතුවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

