බස්රථ අනතුරක් – පාසල් සිසුන් පිරිසක් රෝහලට
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිදුවූ බස්රථ අනතුරකින් ප්‍රථමික පාසැල් සිසුන් පිරිසක් තුවාල ලබා තිබෙන විදෙස් වාර්තා සඳහන් කරයි.අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ අවුරුදු 05 සහ 11 යන වයස් සීමාවේ පසුවන සිසුන් 45දෙනෙකු ගමන් කර තිබේ.අධික වේගයෙන් පැමිණ ට්‍රක් රථයක් බස් රථයේ පිටු පසින් ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.
අනතුරට ලක්වූ සිසුන් නව දෙනෙකු හදිසි ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන සිසුන් හත් දෙනෙකු දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

