Latestදේශීය

රනිල් රාජපක්ෂ පාලනය තුළ කර්මාන්ත බරපතල කඩාවැටීමක

මෙම ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ක්‍රියාමර්ග නිසා මෙරට සමස්ත කාර්මික නිෂ්පාදන තවදුරටත් දරුණු ලෙස කඩා වැටෙමින් පවතී.

ජන හා සංඛයා ලේඛණ දෙපාර්තමේන්තුව මෙම වසරේ මුල් කාර්තුව වෙනුවෙන් එළි දක්වා තිබෙන වාර්තාවකින් මෙයට අදාළ තොරතුරු හෙළිවී තිබේ. පසුගිය 2022 වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුව තුළදී කර්මාන්ත කඩා වැටීම 15.4%ක් වී ඇත.

මේ අතර පසුගිය 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය තුළ කාර්මික නිෂ්පාදන කඩා වැටීම 15.8%ක් වී ඇත. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ අනුගමනය කරමින් සිටින මූල්‍යවාදී ආර්ථික ක්‍රියාමාර්ග නිසා කර්මාන්ත පද්ධතිය මෙසෙ කඩා වැටීමට ලක්වී ඇති බව ආර්ථික විශේෂඥයින් දිගින් දිගටම පෙන්වා දෙමින් තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *