Latestදේශීයමතවාද

අපිව වෙන් කරන්න බැරි අද මතකය

(ස්වස්ථිකා ආරුලිංගම්)

අද අපි මැයි 18 මියගිය දමිළ ජනතාව සිහිකරා. දහස් ගාණක් මිනිස්සුන්ව මරා දැමුණා සහ අතුරුදහන් කරනු ලැබුවා. දහස් ගණනක් ජනතාව තවමත් පිළිතුරු සොයමින් ඉන්නවා. රාජ්‍ය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා ඔවුන් විසින් දමිළ ජනයාට එරෙහිව කෙරූ අපරාධයන් පිළිගන්න.

අද රට පුරාම, මුල්ලිවයික්කාල්, මුතූර්, මඩකලපුව, සහ යාපනේදී මරා දැමූ සහ අතුරුදහන් කෙරූ මිනිසුන්ව සිහිපත්කරන සහෝදර සහෝදරියන් සමඟ එක් වී අපිත් කොළඹදී ඒ සිහිපත් කිරීමට එකතු වුණා.

අපි දන්නා සහ බලාපොරොත්තු වූ විදිහටම රජය ප්‍රතිචාර දැක්වූවා. ඔවුන් ඩෑන් පියසාද් සහ ඔහුගේ මැරයන්ව එවුවා ස්මරණයට බාධා කරන්න. පොලිසිය සහ හමුදාව පූර්ණ බලය සහිතව ආවත් ඩෑන් සහ ඔහුගේ මැර කණ්ඩායම විසුරුවා හරින්න කිසිවක් කරේ නැහැ ඔවුන්.

අපේ සිංහල සහෝදර සහෝදරියන් අපි වටා හිටගෙන එකිනෙකාගේ අත් අල්ලන් අපිව ආරක්ෂා කරා. අපිට ඉඩ හදලා දුන්නා අනුස්මරණයේ පහන පත්තු කරන්න සහ මුල්ලිවයික්කාල් කංජි එකිනෙකාට පිළිගන්වන්න.

රාජ්‍ය සදහටම ජාතිවාදී විදිහටම ක්‍රියාත්මක වේවි සහ අපිව බෙදා වෙන් කරාවි. නමුත් අද අපි දැක්කා මුස්ලිම් සහ සිංහල මිනිස්සු ඇවිත් අපි එක්ක හිටගන්නවා. මම අද දවස මතක තියාගන්න යන්නෙ ඒ කාරණාව එක්කයි. ඒ හිටගැනීම එක්කයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *