විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (18) ජනපති හමුවේ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිදුකළ ඉල්ලීමට අනුව මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබේ.
එහිදි වර්තමානයේ උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිතව ඇති බව සඳහන්.මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුම් දී ඇතත් මේ දක්වාත් එම කටයුතු උපරිමයෙන් ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව හැකි වී නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා සදහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

