Latestක්‍රීඩාදේශීය

ධනුෂ්කට එරෙහි චෝදනා 3ක් ඉවත්කර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබේ.

එරට මාධ්‍ය සඳහන් කළේ, ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඒ අනුව ඉවත්කරගෙන ඇති බවය.

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවක් හා මිත්‍රවී ඇති ගුණතිලක පසුව ඇයව ඇයගේ කැමැත්තෙන් තොරව දුෂණය කළ බවට චෝදනා එල්ල විය.

ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “Downing Centre” අධිකරණයේදී කැඳවිණි.

සිඩ්නි පොලීසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නීතිඥයින් එහිදී කරුණු හෙළිකළේය.

මෙම නඩුව ජූලි 13 වනදා නැවත කැඳවීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *