බදු නැතුව රටට ඉදිරි ගමනක් නැහැ
කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු ලේඛනයක් සකස් කර නොමැති බවත්, කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට අමාත්‍යාංශයේ ආරම්භ කර තිබෙන මහජන අදහස් ලබාගැනීමේ වේදිකාවට පැමිණ අදහස් දක්වන ලෙසට වෘත්තීය සමිති සහ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
කම්කරු නීති සංශෝධනය කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් කිසිදු සංවිධානයක් දැනුම්දී නොමැති බවද කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගන්නා ඉන්ෆ්ල්ක්ස් වේදිකාවේ තෙවැනි සැසිවාරය අමතමින් අමාත්‍යවරයා පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
අපට තියෙන ප්‍රධාන අරමුණ තමයි අවුරුදු සියයක් පමණ පැරණි කම්කරු නීතිය වෙනස් කිරීම.
ජාත්‍යන්තර කම්කරු සංවිධනය හෝ වෙනත් කිසිම ජාත්‍යන්තර සංවිධානයකින් අපිට කියල නෑ අපේ රටේ කම්කරු නීතිය වෙනස් කරන්න කියල. අපි රටක් විදිහට අවුරුදු 74 ක් 75 ක් ගැන චෝදනා කර කර ඉන්නව මිසක් ඉදිරි ගමනක් ගැන හිතන්නෙ නෑ.අසූ දහසක් පමණ වන ඊ.පී.එෆ්.,ඊ.ටී.එෆ් ගෙවන ආයතන ගණන රටක් විදිහට බොහොම මදි. ඊ.පී.එෆ්.,ඊ.ටී.එෆ්වල ලියාපදිංචි කම්කරු ප්‍රජාව ඉන්නෙ මිලියන දෙකක් පමණ ප්‍රමාණයක්. රටේ බදු ගෙවන ආයතන තියෙන්නෙ දෙලක්ෂ අසූ දහසයි ගිය අවුරුද්ද වෙනකොට. මම මේ කියන්නෙ උපයන විට බදු ගෙවන අයත් ඇතුළුව. රටේ ආයතනවලින් සියයට දහයක්වත් බදු ගෙවන ආයතන නැත්නම් රටක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද? බැහැ. අපි චොදනා කරනව විතරයි. හැබැයි ප්‍රශ්ණය විසඳීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නෙ නෑ.
අපේ රටේ ව්‍යාපාර සහ කර්මාන්ත කරගෙන යාමේදී ගැටළු රාශියක් තියෙනව. කම්කරු නීති රීති පිළිබඳව මතු වෙන ගැටළු එයින් ප්‍රධාන තැනක් ගන්නව. ඒවා හාම්පුතුන් විසින් විවිධ අවස්ථාවලදී මතු කරල තියෙනව. ඒ වගේම වැඩ කරන ජනතාවටත් එහෙමයි. ඔවුන්ටත් මේ කම්කරු නීති යටතේ මහ ලොකු රැකවරණයක් හම්බවෙන්නෙ නෑ. මේ තිබෙන කම්කරු නීති රීති වලින් මේ දක්වා යහපතක් උනා නම් අපේ රටේ කම්කරු ප්‍රජාව අද දියුණු වෙලා ඉන්න ඕන. නමුත් එහෙම වෙලා නෑ.
නිදහස ලබා අවුරුදු සියය පිරෙන 2048 වර්ෂය වන විට වත් අපි දියුණු රටක් විය යුතුයි කියන ඉලක්කය ඇතුව තමයි වත්මන් රජය ප්‍රතිපත්ති සම්පාදනය කරල තියෙන්නෙ. අද අපිට සිද්ධ වෙලා තියෙනව තප්පරෙන් තප්පරේ වෙනස් වෙන තාක්ෂණයට අනුව තප්පරෙන් තප්පරේ වෙනස් වෙන ලෝකයට අනුව අපේ ශ්‍රමිකයාව නිර්මාණය කිරීමේ වගකීමක් අපට තියෙනව. ඒ සඳහා අපට ගොඩක් වෙනස්කම් කිරීමට සිදුවෙනව. එහෙම බැරි උනොත් රටක් විදිහට අපි අසමත් වෙනව.
ඒ නිසා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නීති රීති සහ මග පෙන්වීම්වලට අනුකූලව අපේ රටෙත් කම්කරු නීතිය සකස් විය යුතු බවට බොහෝ යෝජනා ඉදිරිපත් උනා. අපි මේ කටයුත්ත විවෘත සංවාදයකට භාජනය කළා. අපි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා හරහා ආරධනා කළා වෘත්තීය සමිතිවලට මේ සඳහා යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්න කියල. මම සියළුම පක්ෂවලට ලිඛිතව ආරාධනා කළා මේ සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල අදහස් හා යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න කියල. මම මෙ සතිය තුළ නැවත වතාවක් මගේ අත්සනින් වෘත්තීය සමිතිවලට ලිපි ලියල ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම හාම්පුතුන්ගේ සම්ගම්වලට සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නා වූ ඕනෑම කෙනෙකුට අදහස් දක්වන්න අපි ආරාධනා කරනව. මේ යෝජනා සහ අදහස් ලිඛිතව හෝ සහභාගි වී ඉදිරිපත් කළ හැකියි.
මාසයක් දෙකක් වගේ කාලයක් මේ විදිහට අදහස් ලබාගැනීමෙන් අනතුරුව අපි දල කෙටුම්පතක් හදනව. ඉතිහාසයේ මෙතෙක් සිද්ධ උණේ අපි යම් ලියවිල්ලක් හදල ඒක සමාජයට ඉදිරිපත් කරල අනුමැතිය ලබාගැනීමයි. නමුත් මෙහිදී ජනතාවගේ අදහස් අනුවයි එම ලියවිල්ල සකස් කෙරෙන්නෙ. අවසන් ලේඛනය හදන්න මේ මූලික ලේඛනය වැදගත් වෙනව.
පසුගිය සැසි තුනේදී විවිධ කරුණු ඉදිරිපත් උනා. සේවාස්ථානයකදී වෙනස් ලෙස සැලකීම,ලිංගික හිංසනය,ස්ත්‍රී පුරුෂ භෙදයකින් තොරව සමානව වැටුප් ගෙවන්නෙ කොහොමද කියන කාරණයට අදාලව ප්‍රතිපාදන, කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කිරීම සඳහාවන ප්‍රතිපාදන,ආයතනයක් ප්‍රතිව්‍යූහගත කිරීමේදී සේවකයන්ට වන්දි ගෙවීම පිළිබඳ ප්‍රතිපාදන, දෙපාර්ශවයේ එකඟතාව මත වැඩ කරන දින ගණන වැඩ කරන පැය ගණන පිළිබඳව ප්‍රතිපාදන සැකසීම වැනි විවිධ කරුණු සාකච්ඡා විය යුතු වෙනව. නමුත් අපි ගාව ඒ පිළිබඳව ලියපු ලේඛනයක් නැහැ. ඒ නිසයි අපි මේ රටේ ජනතවගෙන් ඉල්ලන්නෙ මේ නව කම්කරු නීතිය සැකසීම සඳහා ඔබගේ යෝජනා අපට ලබා දෙන්න කියල.
අවම වැටුප් පිළිබඳව තීරණය කරන්නෙ කොහොමද? දැන් පඩි පාලක සභා ගණනාවක් තියෙනව. ඒ පඩි පාලක සභා එක්ක අපිට වැඩ කරන්න පුළුවන්ද තවදුරටත්. එහෙම නැත්නම් අපි ජාතික වේතන කවුන්සිලයක් වගේ එකක් හැදුවොත් හොඳද? ගෙදර ඉඳල වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් සලසන්නෙ කෙහොමද කියන කාරණයට අදාල නීති කෙබඳු විය යුතු ද? විදේශීය ශ්‍රමිකයො විශාල ප්‍රමාණයක් ඉන්නව මේ වෙන කොට අපේ රට ඇතුළෙ ඉදි කිරීම් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරන. ඒ අය සම්බන්ධයෙන් නීතිය කෙසේ විය යුතුද? ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගිහින් සීල් එක ගහගෙන ඇවිත් ඒ අයගෙන් වැඩ ගන්නව. නමුත් ඔවුන්ගේ සුබසාධනය ගැන කිසිදු අවධානයක් නැහැ. ඒ වගේම තමයි පාට් ටයිම් වැඩ කිරීම පිළිබඳව අපි අවධනය යොමු කළ යුතු වෙනව. විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් පාට් ටයිම් වැඩ කරනව. පාට් ටයිම් අනුව වැඩ ගැනීමට හාම්පුතුන්ට ඉඩ සැලසිමට නව නීති සකස් විය යුතුයි. විනය ක්‍රියාමර්ග ගැනීම පිළිබඳ නව නීති සැකසිය යුතුයි. හාම්පුතුන්ට අවශ්‍ය අවශ්‍ය වෙලාවට සේවකයන්ව ඉවත් කිරීමට ඉඩ දෙන්න බැහැ. වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳව නීති රීති ශක්තිමත් විය යුතුයි.
පහුගිය දවස්වල මාධ්‍ය සාකච්ඡා තියන්න හදල තිබ්බ. නමුත් මම ඔවුන්ට ආරධනා කරනව මාධ්‍ය සාකච්ඡා තියන්න යන්න කලින් මේ INFLUX වේදිකාවට ඇවිල්ල තමන්ගේ අදහස් හා යොජනා ඉදිරිපත් කරන්න කියල. මධ්‍යවලට ගිහින් කතා කෙරුවම මාධ්‍යත් ලොකු අකුරෙන් දානව ඊ.පී.එෆ්,/ඊ.ටී.එෆ් කපන්න යන්නෙ, පැය 12 ක් වැඩ ගන්නයි යන්නෙ වගේ සිරස්තල. මට හිතාගන්න බැහැ රටේ ජ්‍යේෂ්ඨ වෘත්තීය සමිති නායකයො තමයි එහෙම කියන්නෙ කිසිම ලිය විල්ලක්වත් නැතුව. මාධ්‍යත් ඒව ගොකු අකුරෙන් දානව. හැබැයි පත්තරේ ගියපු ඒ ප්‍රවෘත්තිය ගැන ෆේස් බුක් එකේදි මිනිස්සු දක්වපු අදහස් මම දැක්ක. ඒ බහුතරයක් කියන්නෙ මේ තියෙන යල්පැන ගිය කම්කරු නීතිය වෙනස් විය යුතුයි කියලයි.
සමස්ත වැඩ කරන ජනතාවගේ සුබ සාධනය සඳහා පුළුල් සමාජ ආරක්ෂන වැඩසටහනක් හදන්න අපි බලාපෙරොත්තු වෙනව. අපේ අරමුණ කාර්යක්ෂම සහ ඵලදායි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමයි. ඇතැම් අය අපේ රටේ වැදගත් මාතෘකා අවස්ථාවාදී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල පාවිච්චි කරල තියෙනව. නමුත් මේ වැදගත් කාරණය ඒ අවස්ථාවාදී දේශපාලන අවශ්‍යතා සඳහා පාවිච්චි කරන්න එපා කියල මම ඉල්ලා සිටිනව.
@media unit