රාජපක්ෂලා නැගිට්ටවීම සහ ෆාස්ටර් ජෙරම් භීතිකාව
මේ දවස්වල ආගම බේරා ගැනීම වෙනුවෙන් යක්ඛ පුත්තු දිවි පරදුවට තියන්න ලෑස්ති වෙනවා. හැබැයි මේ රාජපක්ෂලා යලි බලයට ගෙන ඒමේ නාට්‍යයේ එක් පුංචි කොටසක් කියල හය හතර නොතේරෙන යක්ඛ පුත්තු දන් නෑ. නැත්නම් උන්ට හොරා උන් විකිණෙන සීන් එකක් මේ පිටපත අධ්‍යක්ෂණය වෙන අතර කූඹියෝ නාට්‍යය අනුසාරයෙන් පෙන්වා දෙන්න හිතුනා.
මේ කොටස වෙනුවෙන් බෝන් අගේන් නොදන්න අය වෙනුවෙන් වගේම ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩුව පොරක් කිරීම මූලික පියවර වුණා. ඒ දුවන කෝච්චියට බෙල්ල තිබ්බේ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිද යෙහාලි සංගක්කාරයි.
මතකද සංග ඒ දවස්වල හොදින් ක්‍රීඩා කළේ දෙයියෝ හින්ද කියල ඇය කිව්ව ටික. ඒක උණු කැවුම් වගේ සමාජ මාධ්‍ය රත් කළා වගේම ජාතික මාධ්‍ය ප්‍රධාන පුවතක් කර ගත්තා.
ඒ අතර කනින් කොනින් යැව්වා ක්‍රිකට් ගහන්න නම් බොන් අගේන් වෙන්න ඕන කියල. ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න බෑ බෝන් අගේන් උනේ නැත්නම් වගේ කතා ටිකකින් වැඩේ අයිසින් වුණා. හිතුවේ නැති තරම් යක්ඛ පුත්තුන්ගේ සිංහ ලේ කකියන්න ගත්තා. සැලැස්ම හොදට වැඩ කරනවා.
ඔහොම ගලා යන්න දීල ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩුව දේවදත්තට අන්දල මේ දවස්වල රග දෙනවා. ඇත්තටම මේක රාජපක්ෂලා යලි නැගිට්ටවීමේ මෙහෙයුම් කොටසක්.
සැකයක් තියෙනවා නම් හොදට මතක් කරන්න, පාස්කු බෝම්බෙට කලින් විල්පත්තුව කපනව, වද කොත්තු, වද ඇදුම් වගේ මුස්ලිම් විරෝධාකල්ප පෝෂණය කරන්න නාට්‍ය එක එක විදිහට පෙන්නපුව. ඒ ඔක්කොටම පස්සේ පාස්කු බෝම්බෙ ඇවිත් රට ආගම බේර ගන්න ගෝඨාභය රාජපක්ෂව ඇමරිකාවෙන් ආනයනය කළා වගේ පෙන්නපු විදිහ. නෑ. නෑ. ලීක්වෑන් යූ මහතීර් මොහොමඩ් එක්ක එකතුවීම. ආ. විමල් කිව්වනේ උන් දෙන්නම මලා කියල. හැබැයි ඒ රටම මරල දාල කියල දැන් ගොඩක් උන්ට මතක නෑ. තාම උන්ට මතක යුද ජයග්‍රහණය විතරයි. යුද්දේ පෙන්න පෙන්න දීපු සුද්දේ මතක නෑ.
හරි ආයේ කතාවට එමු. ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩුව ක්‍රිකට් එක ඇතුලට රිංගෙව්වේ කවුද ? ක්‍රිකට් ආයතනය ඇතුලේ ඉදිකට්ටක දෙයක් වුණත් වෙන්නේ තිලංග සුමතිපාලට ඕන විදිහට. තිලංග ඉන්නේ මහින්ද රාජපක්ෂ එක්ක. ඉතින් තිලංග තම ස්වාමියා වෙනුවෙන් මේ වගේ පුංචි දෙයක් නොකර ඉදී කියල හිතනවද ? ඒ විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශ ප්‍රධානී ජෙරම් ජයරත්න කියන්නේ මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිඳ වන ටට්යානා ගේ පියා.
එයාලගේ ගේම් එක කොටස් වශයෙන් යන එකක්. මේකත් එක හීනෙන් එලිවෙන එකක් නෙවෙයි. ක්‍රිකට් ඇතුලේ ඉන්න බෝන් අගේන් සෙට් එක ගැන නම් ගම් එක්ක මීළඟට හෙළි කිරීමට බලාපොරොත්තු වෙනව. එතෙක් අපි නාඩගමේ තව කොටසක් බලමු.
මේ දිග හැරුණේ අටුවා ටිකා ටිප්පනියයි.