අද සවස තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ නැගෙනහිර පළාත්වලත් සහ ගාල්ල, මාතර, කුරුණෑගල, පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
නිවේදනය කරයි.
බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් දකුණු පළාතේත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

