Latestදේශීය

උමා ඔය අවසන් අදියරේ

උමා ඔය ව්‍යාපෘතිය ඔස්සේ තව මාස කිහිපයකින් මෙරට විදුලිබල පද්ධතියට විදුලිය සැපයිය හැකි බව එම ව්‍යාපෘති සමාගම පවසයි.

එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අලි වකීලි සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර පවතී හමුවකදී ඒ බව පවසා තිබේ.

උමා ඔය ජල විදුලිබල ව්‍යාපෘතියේ පළමු අදියරේ විදුලිබල නිෂ්පාදනය එළඹෙන අගෝස්තු මාසයේදී ද දෙවැනි අදියරේ විදුලිබල නිෂ්පාදනය සැප්තැම්බර් මාසයේදී ද අරඹන බව ඔහු එහිදී පවසා තිබුණි.

එම ව්‍යාපෘතිය සම්පූර්ණ කළ පසු මෙගා වොට් 120ක් ජාතික පද්ධතියට එක් කෙරේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *