ක්ෂුද්‍රමූළ්‍ය බැංකුවක් බවට පත්වන සමෘද්ධි බැංකුව
අස්වැසුම ප්‍රතිලාභය ජනතාවට ලබාදීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ දී (17) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමති අනුප පස්කුවල් අනාවරණය කර තිබේ.
මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමති අනුප පස්කුවල් සඳහන් කරයි.
මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහද එක්ව සිට ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

