කොළඹට හමුදාව කැඳවූ හේතුව
පසුගිය දිනවල කොළඹ ඇතුළු ප්‍රදේශ වලට හමුදාව යෙදවීමට සිදු වූයේ විශ්වවිද්‍යාල අත්පත් කර ගැනීමේ සැලැස්මක් පවතින්නේ යයි රජයට ලැබුණු තොරතුරු බුද්ධි තොරතුරු මත බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
එම තොරතුරු විශ්ව විද්‍යාල ඇතුළෙන්ම රජයට ලැබුණු බවත් කී මන්ත්‍රීවරයා විවිධ දේශපාලන අරමුණු ඇති අය මෙවැනි ක්‍රියා සිදු කරමින් සිටින බවත් සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළකළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
ආගමික ගැටුම් නිර්මාණය කර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කරන ක්‍රියා ද ජනාධිපතිවරයා විසින් පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

