ජෙරම් වෙනුවෙන් නීතිඥ මඩුල්ලක්
බෞද්ධාගම ඇතුළු ආගම් සඳහා සම්බන්ධ අපහාසාත්මකව දේශනයක් සිදු කළ ජෙරම් ප්‍රනාන්දු දේවගැති වරයාට අධිකරණයෙන් ඇප ලබා ගැනීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ නීතිඥ කණ්ඩායමක් සූදානම් වෙමින් සිටියි.
මේ වන විට සිංගප්පූරුවේ රැඳී සිටින දේවගැතිවරයා හා ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් මෙම කටයුත්ත සූදානම් කරමින් ඇත.
එළඹෙන ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට තමන් පැමිණෙන බව ඔහු තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රචාරය කර ඇත.
පොලිසිය සඳහන් කළේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා බවයි.
ඔහුට රටින් පිටවීම වාරණය කරමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති අතර එය රටින් පිට වීමේදී මෙන්ම රටට ඇතුළුවීමේදීද බලපැවැත්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.
ඒ අනුව කටුනායකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප ලබා ගැනීම සඳහා මෙම නීතිඥ කණ්ඩායම කටයුතු කරමින් ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

